Site Loader

ඔබ ව්‍යාපාරයක හිමිකරුවෙක්ද? අන්තර්ජාලය හරහා විකිණිය හැකි භාණ්ඩයක් හෝ සේවාවක් ඔබ සතුද? එසේනම් e-commerce වෙබ් අඩවියක් හිමිකරගැනීම ඔබගේ ව්‍යාපාරයට ඉතාමත් වැදගත් හැරවුම් ලක්ෂයක් බවට කිසිදු සැකයක් නැහැ, e-commerce වෙබ් අඩවියක් යනු භෞතික වෙළදසැලක්  වෙනුවට පවතින සාර්ථකම විකල්පය වන අතර e-commerce වෙබ් අඩවියක් ගොඩනගාගැනීමෙන් එහි ඇති ප්‍රතිපල ඔබටද අත්විදිය හැක.

ඔබ කවදා හෝ  e-commerce වෙබ් අඩවියකින් භාණ්ඩ මිලදී ගෙන තිබේද? (Aliexpress, Ebay, Amazon) එසේනම් අන්තර්ජාල වෙළඳාම සදහා වැඩි ඉල්ලුමක් පවතින බව ඔබට දැක ඇති, බොහෝ පාරිබෝගිකයන් පිරිසක් තම නිවසේ සිටම හැසරවීමට ව්‍යාපාරිකයාට ඇති පහසුව මෙන්ම නිවසේ සිටම තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පාරිබෝගිකයන්ටද ඇති පහසුව නිසා දැන් ලෝකයේ විශාල ව්‍යාපාරයන් සහ පාරිබෝගිකයන් ප්‍රමාණයක් e-commerce වෙබ් අඩවි වලට යොමු වී ඇත.

මෑත කාලයේ ශ්‍රී ලංකාව තුලද විශාල e-commerce පාරිබෝගිකයන් ප්‍රමාණයක් ගොඩනැගෙමින් පවතින අතර එයට සාපේක්ෂව ව්‍යාපාරිකයන් e-commerce වෙබ් අඩවි සදහා යොමුවීම ප්‍රමාණවත් නොවන බැවින් බොහෝ පාරිබෝගිකයන් ප්‍රමාණයක් Aliexpress, Ebay, Amazon වැනි විදේශීය වෙබ් අඩවි සඳහා යොමුවීම විශාල ගැටලුවකි.

e-commerce වෙබ් අඩවි සදහා යොමුවීම වෙළද ප්‍රජාවට වැදගත් වන්නේ හේතු?

අඩු මෙහෙයුම් පිරිවැය
භෞතික වෙලදසැලක් මෙන් නොව e-commerce වෙබ් අඩවියක් සඳහා විශාල වියදමක් අවශ්ය නොවේ,භෞතික වෙලදසැලක් පවත්වා ගෙන යාමේදී ඔබට වැයකිරීමට සිදුවන ගොඩනැගිලි නඩත්තු වියදම්, ගොඩනැගිලි කුලී වියදම් , සේවක පඩි සහ ආරක්ෂාව සදහා වූ මුදල් ඉතිරිකරගැනීමට ඔබට හැකියාව ඇත, මේ සියල්ල ඉතිරි ගැනීමට ඔබට අවශ්‍යවන්නේ සරල පෙනුමක් ඇති වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීම සහ ඔබගේ අන්තර්ජාල වෙළද නාමය  ස්ථාපිත කරගැනීම පමණි.එපමණක් නොව, ව්‍යාපාරික ඔබට නිවසේ සිටම ඔබගේ වෙබ් අඩවිය මගින්  ඔබගේ බැංකුව හා සම්බන්දවෙමින් සියලුම මුල්‍ය කටයුතු හැසිරවීමට හැකියාව ඇති නිසා ඒ සදහා ඔබ යොමුකරන කාලය සහ ශ්‍රමය අවම කරගත හැක.

පාරිභෝගික ප්‍රමාණය
ව්‍යාපාරයක සාර්ථකත්ව රදාපවතින්නේ එහි පාරිබෝගිකයන් සංක්‍යාවේ මත යනු අපි සැවොම දන්නා කරුණක් භෞතික වෙලදසැලකට ඇත්තේ ඉතාමත් සීමාසහිත පාරිබෝගිකයන් පිරිසක් වන අතර බොහෝ දුරට ඔවුන් ඔබගේ ව්‍යාපාරික ස්ථානයට අවට ප්‍රදේශයේ සිටින ගනුදෙනුකරුවන් විය හැක.නමුත් e-commerce වෙබ් අඩවියක් මගින් ඔබට ලංකාව තුල මෙන්ම ලෝකයේ  ඕනෑම තැනක සිටින පාරිබෝගිකයෙක් හා ගනුදෙනු කිරීමේ හැකියාව ලැබේ, එපමණක් නොව Google, Yahoo, සහ Bing වැනි සෙවුම් යන්ත්‍ර (search engines) මගින් පාරිබෝගියන් ඔබේ ව්‍යාපාරය වෙත ලගාකරවිමේ හැකියාවද ඔබට ලැබේ.

ආරක්ෂාව
සාමාන්‍ය වෙලදසැලක මෙන් ඔබගේ භාණ්ඩ පිලිබදව නිතරම අවදානයෙන් සිටිය යුතු නොවේ ඒ නිසා ආරක්ෂක උපාංග සහ සේවා සදහා ඔබට අනවශ්‍ය පිරිවැයක් දැරීමට සිදුනොවේ,  සිදුවන සියලු ගනුදෙනු ඍජුවම ඔබගේ බැංකුව හා සම්බන්ද වෙමින් සිදුවන නිසා මුදල් ප්‍රවාහනය හා ලග තබාගැනීමට අනවශ්‍ය අවදානමක් දැරීමට අවශ්‍ය නැත මේ නිසා වෙනදාට වඩා සැහැල්ලුවෙන් ඔබගේ ව්‍යාපාරික කටයුතු වල නියැලීමේ අවස්ථාව ඔබට හිමිවේ.

ඉහත සඳහන් කල සියලු කරුණු සලකා බැලූ කල e-commerce වෙබ් අඩවියක හා සාමාන්‍ය වෙලදසැලක ඇති ඇති වෙනස ඔබට වැටහෙනු ඇත, ශ්‍රී ලාංකික වෙළද ප්‍රජාවට අන්තර්ජාල ව්‍යාපාරික ලෝකයට යොමු කරවීම සහ ඒ සදහා අවශ්‍ය සියලු දැනුම ඔවුනට ලබාදීම අපගේ අරමුණ වන අතර e-commerce වෙබ් අඩවි සම්බන්දයෙන් ඔබ හට ඇති ඕනෑම ගැටලුවකට අවශ්‍ය පිළිතුරු සැපයීමට අප සතුටින් කැප වී සිටිමු.

Supun Chandrarathna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *