Site Loader
Ecommerce Web Design Sri Lanka

eMarketer කියන්නේ ලෝකයේ ඉහළපෙලේ Market research company එකක් එයාලගේ අලුත්ම ගණනයන් වලට අනූව, e-commerce වෙබ් අඩවිවල වර්ධන වේගය  වසරින් වසර 16.4% ක් වැනි ඉහල අගයකින් ඉහල යා හැකි බව ඔවුන් අනාවැකි පලකරනවා.

ඒ කියන්නේ ලෝකයේ බොහෝ ව්‍යාපාර ප්‍රමාණයක් විද්‍යුත් වානිජ්‍යය එසේත් නැත්තම් e-commerce වෙබ් අඩවි  නිර්මාණය කිරීම සඳහා ආයෝජනය කිරීමට දැනටමත් පටන් අරන් ඉවරයි. තවත් දශකයකින් ලෝකයේ සියලුම ව්‍යාපාර පාහේ අන්තර්ජාලය හා සම්බන්ද වෙයි කියලා ව්‍යාපාරික ලෝකයේ ප්‍රබලයන්  දැනටමත් අනාවැකි පලකරන්න පටන් අරන්.

e-commerce ගැන ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ උනන්දුව කොහොමද?

e-commerce ගැන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ගේ තවමත් මධ්‍යස්ත උනන්දුවක් තමයි තියෙන්නේ නමුත් වැදගත්ම කාරනේ තමයි ව්‍යාපාරිකයන් එහෙම උනාට අපේ පාරිබෝගික ජනතාව ඉතා විශාල වශයෙන් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමට යොමුවෙලා ඉවරයි. Aliexpress, Ebay, Amazon වැනි වෙබ් අඩවි වලින් මසකට ශ්‍රී ලංකාවට එවන භාණ්ඩ ප්‍රමාණය අනූව දිනෙන් දින  e-commerce පාරිබෝගිකයන් ප්‍රමාණය ඉහල යන බව අපිට දකින්න පුළුවන්.

ලංකාවෙත් ජනප්‍රිය e-commerce වෙබ් අඩවි කිහිපයක්ම තියෙනවා නේද?

ලංකාවේ ප්‍රසිද්ද e-commerce වෙබ් අඩවි කිහිපයක්ම තිබුනත් ඔවුන්ගේ ව්‍යාපාරද රදා පවතින්නේ පිටරටින් ගේන භාණ්ඩ මත වීම අවාසනාවට කරුණක්, දේශීය නිෂ්පාදකයන්ගේ භාණ්ඩ ලෝකයට යොමුකිරීමට ඍජු හා සාර්ථකම මාර්ගය e-commerce වෙබ් අඩවි වුවත් ඒ කෙරෙහි  දේශීය නිෂ්පාදකයන්ගේ දැනුම හා උනන්දුව මදිකම නිසා විදේශ විනිමය උපාය ගැනීමේ වටිනා අවස්ථාවක් අපට අහිමි වෙලා.

දේශීය නිෂ්පාදකයන්ගේ උනන්දුව මදි ඇයි ?

වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට ඉතා විශාල ආයෝජනයක් කරන්න ඕනේ කියල මතයක් තියෙනවා, ඒ වගේම වෙබ් අඩවියක් හසුරවන්න ලොකු දැනුමක් ඕනේ කියලා හිතන පිරිසකුත් ඉන්නවා ඒ වගේම ඉංග්‍රීසි භාෂාව, ඉතින් ඔය කරුණු කිහිපය අපිට මේ විදියට පැහැදිලි කරන්න පුළුවන්

මිල 
e-commerce වෙබ් අඩවියක්  නිර්මාණය කිරීමට ඔබ විසින් යොමුකරන මුදල වියදමක් නොව ආයෝජනයක් බව ඔබ පලමුව හිතේ තබාගත යුතුයි ඔබගේ හැකියාව සහ කැපවීම මත එම සම්පුර්ණ මුදල එක මාසයක් තුල නැවත අයකරගැනීමට ඔබට හැකියාව තියෙනවා.

දැනුම 
වෙබ් අඩවියක් හැසිරවීමට විශේෂ දැනුමක් ඔබට අවශ්‍ය නැහැ Facebook ප්‍රොෆයිල් එකක් හසුරවන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට වෙබ් අඩවියක් හසුරවන්න පුළුවන් දැනුම ඉතාමත් ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා ඒ වගේම කිසිම අමතර ගාස්තුවකින් තොරව එම දැනුම ඔබට ලබාදෙන්න අපගේ කණ්ඩායම සුදානම්.

ඉංග්‍රීසි භාෂාව
ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන්න ඉංග්‍රීසි භාෂාව අවශ්‍යයි එක අවිවාදයෙන්ම පිළිගත යුතු කාරණයක් නමුත් ඉංග්‍රීසි භාෂාව පිළිබද විශාරදයෙක් වියයුතු බව අප පිළිගන්නේ නැහැ සාමාන්‍ය ගනුදෙනුවක් කරගැනීමට තිබිය යුතු මූලික දැනීම පමණක් ප්‍රමාණවත්.

කියන තරම් විශාල ගනුදෙනුකරුවන් ප්‍රමාණයකට ලගාවීමට ඇත්තටම පුලුවන්ද?

එය ඔබගේ භාණ්ඩයේ මිල, ගුනත්මකභාවය හා ඔබ ඔබේ නිවැරදි ගනුදෙනුකරුවන් හදුනාගන්නා ආකාරය මත රදාපවතින දෙයක් උදාහරණයක් වශයෙන් ඔබගේ භාණ්ඩයේ මිල සාමාන්‍ය වෙලදපොලේ මිලට වඩා වැඩිනම් ඒක ප්‍රශ්නයක්, අතරමැදියන් නොමැතිව ඍජු ගනුදෙනුවක් කිරීමට ඔබට හැකියාව තිබෙන නිසා ඒ වාසිය පාරිබෝගික ජනතාවට ලබාදීමෙන් ඔබට හොද වෙළදපොලක් හදාගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා

ඒ වගේම අපි කතාවට කියනවා වගේ එස්කිමෝවරුන්ට අයිස්ක්‍රීම් විකුනලවත් එහෙම නැත්තම් මාලදිවයිනට උම්බලකඩ විකුනලවත් වැඩක් නෑ ඒ නිසා ඔබගේ නිවැරදි ගනුදෙනුකරුවන් හදුනාගැනීම සහ ඔවුන්ට නිවැරදිව ඔබගේ වෙළද ප්‍රචාරණය සිදුකිරීමට ඔබට හැකියාවක් තිබිය යුතුයි.

අනිත් වැදගත්ම කාරණේ තමයි වෙබ් අඩවියට ඇතුලත් කර ඇති දත්ත වල ඇති ගුණාත්මකභාවය, භාණ්ඩය පිළිබද ඔබ දී ඇති තොරතුරු, භාණ්ඩයේ පින්තුර, වගේම තවත් කරුණු විශාල ප්‍රමාණයක් මේ සදහා බලපානවා. අපි මේ ගැන ඉස්සරහට කතාකරමු.

e-commerce වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට උනන්දුවෙන් ඉන්න අයට මොනවද කියන්න තියෙන්නේ?

මතක තියාගන්න මේ  අවුරුද්දේ අද වෙනකොට ඩොලර් බිලියන 2842ක (මිලියන නෙමෙයි බිලියන ) ගනුදෙනු e-commerce වෙබ් අඩවි හරහා සිදුවෙලා අවසන් ඒ විතරක් නෙමෙයි e-commerce ගනුදෙනුකරුවන් ප්‍රමාණය බිලියන 1.72ක් බව statista වෙබ් අඩවියේ සමීක්ෂණ වාර්තා පෙන්නුම් කරනවා.

අපි හිතන්නේ  e-commerce වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට හොදම වෙලාව හෙට නෙමෙයි අද , නෑ අද නෙමෙයි මේ දැන්. මේ ගතවෙන තප්පරෙන් තප්පරේට අපි පරක්කු වෙනවා ඒ කියන්නේ අපිට මේ ගතවෙන තප්පරෙන් තප්පරේට ගනුදෙනුවක් අහිමිවෙනවා.

Supun Chandrarathna

One Reply to “ඔබේ ව්‍යාපාරයට තාක්ෂණයෙන් තල්ලුවක්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *